ශොයිබ් මලික් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්න තීරණයක්

පාකිස්ථාන කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු වන ශොයිබ් මලික් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (05) පැවති තරගය ඔහුගේ අවසන් එක්දින තරගය බව වාර්තා වෙයි.

37 හැවිරිදි ශොයිබ් මලික් එක්දින ජාත්‍යන්තර තරග 287කදී ලකුණු 7534 ක් වාර්තා කර ගෙන ඇති අතර ඊට ශතක 9ක් සහ අර්ධ ශතක 47ක් ඇතුළත් වෙයි.

එක්දින තරග වලදී ඔහු කඩුලු 158ක් බිඳ හෙළා ඇත.

සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ අදහස් පළ කරමින් ශොයිබ් මලික් පවසා ඇත්තේ මෙම තීරණය මීට වසර කිහිපයකට පෙර ගත් තීරණයක් බවයි.

කෙසේවෙතත් තමන් 20/20 තරග සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන ඔහු පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here