ශිකර් ධවාන්ව නිවාඩු යවයි

වම් දණහිසේ ඇතිවූ අබාධයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන්ව විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව ඔහුට ලබන මස 6 වනදා හයිද්‍රාබාද්හිදී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරග 3කින් යුත් T20 තරගාවලියට සහභාගී වීම අහිමි වී තිබෙනවා.

දේශීය තරගයකට මුහුණ දෙන අතරතුර ඇතිවූ මෙම අබාධය හේතුවෙන් විවේක ගන්වා ඇති ශිකර් ධවාන් වෙනුවට මැදපෙළ පිතිකරුවෙක් වන සංජු සැම්සන්ව එම ස්ථානයට ඇතුලත් කරගත් බව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරනවා.

25 හැවිරිදි සංජු සැම්සන් කේරල සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම්වලට තරග කරන පිතිකරුවෙකු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here