ශ්‍රී ලංකා T20 කණ්ඩායමෙන් 3ක් අඩුවෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම යාවත්කාලීනයට අනුව T20 ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාසිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 3ක් අඩු වී තිබේ. නමුත් ලබාසිටි ස්ථානයේ කිසිඳු වෙනසක් සිදුවී නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා T20 කණ්ඩායම තවමත් 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

මෙයට හේතු වී ඇත්තේ පසුගියදා පැවැත්වුණු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වීමයි. තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 241ක් ලබා සිටි අතර, තරගාවලියේ පරාජය හේතුවෙන් අඩු වූ ලකුණු 3 හේතුවෙන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 238ක් දක්වා පහත වැටි තිබේ.

තවමත් පාකිස්ථානය (272) ශ්‍රේණිගතකිරීමේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර, ඕස්ට්‍රේලියාව (267) දෙවන ස්ථානයේත්, දකුණු අප්‍රිකාව (262) තෙවන ස්ථානයේත්, එංගලන්තය (261) හතරවන ස්ථානයේත්, ඉන්දියාව(259) පස්වන ස්ථානයේත්, නවසීලන්තය (256) හයවන ස්ථානයේත්, ශ්‍රී ලංකාව (238) හත්වන ස්ථානයේත්, ඇෆ්ගනිස්ථානය (235) අටවන ස්ථානයේත්, බංගලාදේශය(228) නවවන ස්ථානයේත් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් (224) 10වන ස්ථානයේත් රැඳී සිටියි.

එසේම මේ දිනවල ඉන්දියාව සහ බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය මෙන්ම නවසීලන්තය සහ එංගලන්තය යන කණ්ඩායම් අතරද T20 තරගාවලි පැවැත්වෙයි. එමනිසා ඉදිරියේදී ශ්‍රේණිගතකිරීමේ හා ප්‍රසාද ලකුණු සටහනේද වෙනස්කම් රැසක් සිදුවිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here