ශ්‍රී ලංකා T20 කණ්ඩායමට උසස්වීමක්

ශ්‍රී ලංකා T20 කණ්ඩායමට උසස්වීමක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙදින 20-20 ක්‍රිකට් තරගාවලිය එක තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජයගැනීමට පසුගියදා සමත් වුණා.  

ඒත් සමගින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (08) දින සිදුකරන ලද යාවත්කාලීනයත් සමගින්  20-20 ශ්‍රේණිගත කිරීමේ එක් ස්ථානයකින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. ඒ අනුව 8 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන තවමත් රැඳී සිටින්නේ පාකිස්ථාන කණ්ඩායමයි. දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන පිලිවෙලින් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව ලබාගෙන සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here