ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට බ්‍රෙට් ලීගෙන් පුහුණුව

නොවැම්බර් 01 වනදා අවසන් වන ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු පුහුණුකරු වශයෙන් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රෙට් ලී පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට නිත්‍ය වේග පන්දු පුහුණුකරුවෙක් නොමැති අතර තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරයි.

42 හැවිරිදි වියේ පසුවන බ්‍රෙට් ලී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු දකුණත් වේග පන්දු යවන්නෙක් මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙක් ද වනවා.

2015 වසරේදී ක්‍රිකට් පිටියෙන් සමුගත් බ්‍රෙට් ලී ටෙස්ට් තරග 76 කදී කඩුලු 310 ක් ද, එක්දින ජාත්‍යන්තර තරග 221 කදී කඩුලු 380 ක් ද දවාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here