ඔස්ට්‍ර්ලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවති තෙදින ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 88.3කදී කඩුලු 9ක් දැවී සිය ඉනිම අත්හිටුවනු ලැබුවේ ලකුණු 269ක් ලබාසිටියදිය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක කොරේ හන්ටර් ලකුණු 71ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් රොහාන් සංජය ලකුණු 94කට කඩුලු 5ක් බිඳ හෙලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 98කදී කඩුලු 8ක් බිඳවැටී තිබියදී ලකුණු 309කට සිය ඉනිම අත්හිටුවනු ලැබිය. එහිදී කාමිල් මිශාර ලකුණු 105 රැස් කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 141කට සිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම නිසා ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇතිවිය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 112ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4ක් තුල කඩුලු 7 බිඳවැටී ජයග්‍රහණය සනිටුවන් කිරීමට සමත් විය.