ශ්‍රී ලංකා – පාකිස්ථාන ලෝක කුසලාන ගැටුම අද – කණ්ඩයාමේ සිදුවන වෙනසක් ගැන නායක දිමුත් කියයි

වේග පන්දු යවන්නෙකු වෙනුවට බොහෝ විට අද ජීවන් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම පසුගිය තරඟ දෙකේදීම අසාර්ථකත්වයට පත් ශ්‍රි ලංකා පිතිකරුවන් අද දිනයේදී සාර්ථකත්වයට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළා.

ඇෆ්ගනිස්ථාන තරඟය ජයග්‍රහණයක කිරීමත් සමග ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළා

තරඟය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 3 ට ආරම්භ වන අතර දෙපිළම මේ දක්වා සහභාගි වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගැනීමට සමත් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here