ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවන එක්දින තරගය අද

වසර දහයකට  පසු කරච්චියේ පැවැත්වීමට තිබූ එක්දින තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුව යළිත් නැවුම් බලාපොරොත්තුවකින් ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අද (30 දා) දෙවැනි එක්දින තරගයට සහභාගි වේ. දිවා රාත‍්‍රී තරගයක් වන මෙය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් 8500 ක පමණ ත‍්‍රිවිධ හමුදා බල ඇණියක් පාකිස්තානය විසින් යොදවා තිබේ. ඔවුන් රැඳී සිටින හෝටලයේ සහ ගමන් ගන්නා මාර්ගවලදී එම ආරක්ෂකයන් විසින් දැඩි රැුකවල් යොදා ඇති අතර ශ‍්‍රී ලංකා ධජය සෑම ස්ථානයකම ප‍්‍රදර්ශනය කර ඇත. 

අද තරගයට ක්‍රීඩා කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම

ලහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික‍්‍රම, අවිශ්ක ප‍්‍රනාන්දු, ඕෂධ ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here