ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් ගැටුමට වැස්ස හරස් වෙද්දි සංගා ඇතුළු සුපිරි තරු, විස්තර විචාරක මැදිරිය ක්‍රිකට් පිටියක් කර ගනී – Video

ශ්‍රි ලංකාව සහ පාකිස්තානය අතර 2019 ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟයක් ඊ‍යේ බ්‍රිස්ටල් හීදී පැවැත්වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණය නිසා එම තරඟය අතැර දමන්නට සිදු වුණේ දෙරටේම ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්.

ක්‍රීඩාගාරය තුළ සහ ප්‍රේක්ෂකාගාරය තුළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් කල් මරද්දී තරඟයේ විස්තර විචාරණය වෙනුවෙන් පැමිණ සිටි ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ පාකිස්තානයේ වසීම් අක්‍රම් එක්ව අපූරු වැඩක් කරල තියෙනවා.

ඒ ඔවුන් දෙදෙනාත් තරඟ විස්තර විචාරණයට පැමිණ සිටි අනිකුත් හිටපු ක්‍රිකට් තරු සහ විස්තර විචාරණය කළ තරුණියක් එක්ව විස්තර විචාරක මැදිරිය තුළ ක්‍රිකට් ගැසීමයි.
සිසිල් පැන් අසුරා ඇති ශීතකරණයක් විකට්ටුව ලෙස භාවිතා කළ ඔවුන් ක්‍රිකට් පිත්තක් සහ සැහැල්ලු පන්දුවක් යොදාගෙන මෙලෙස ක්‍රීඩා කළා. ලෝක‍යේ හිටපු ක්‍රිකට් තරු මෙලෙස සිදු කරන්නේ තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට ඔවුන් තුළ ඇති බැඳීම නිසා බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here