ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින තරගාවලියේ ජය පාකිස්ථානයට

ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින තරගාවලියේ ජය පාකිස්ථානයට

වසර දහයකට පසුව පාකිස්ථානයේ පැවැත්වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට පාකිස්ථානය සමත් වුණා. ඒ ඊයේ පැවති තෙවන හා අවසන් එක්දින තරගය කඩුලු 5කින් ජයගැනීමත් සමගයි.  

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 297ක් රැස්කරගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 48.2කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකළා.  

සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම වශයෙන් පන්දු 134කදී ලකුණු 133 ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලක වාර්තා පොත් අතරට එක්වූයේ කරච්චි ජාතික ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීම හේතුවෙන්.

එසේම දසුන් ශානක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 24කදී ලකුණු 43ක් ලබාගත් අතර මිනෝද් භානුක 192 වැනි එක්දින ක්‍රීඩකයා වශයෙන් ඊයේ පැවති තරගයේදී එක්දින ක්‍රිකට් වරම් හිමිකරගත්තා.

ලකුණු සටහන
ශ්‍රී ලංකාව – 297/9 (50)
ධනුෂ්ක ගුණතිලක – 133
අවිශ්ක ප්‍රනාන්දු – 04
ළහිරු තිරිමාන්න – 36
ඇන්ජලෝ පෙරේරා – 13
මිනෝද්  භානුක – 36
ෂෙහාන් ජයසූරිය – 03
දසුන් ශානක – 43
වනිඳු හසරංග -10
ලක්ෂාන් සඳකැන් -00
නුවන් ප්‍රදීප් – 01(නොදැවී)
අතිරේක ලකුණු – 18

මොහමඩ් අමීර් 3/50(10) මොහොමඩ් නවාස් 1/24 (4) උස්මාන් කාන් 1/41(8) ෂහාබ් කාන් 1/50(9) වහාබ් රියාස් 1/81(10)

පාකිස්ථානය – 297/5 (48.2)
ෆකාර් සමාන් -76
අබිඩ් අලි – 74
බාබර් අසාම් – 31
සර්ෆරාස් අහමඩ් – 23
හැරිස් සොහායිල් – 56
ඉෆ්තිකාර් අහමඩ් – 28 (නොදැවී)
වහබ් රියාස් – 01 (නොදැවී)
අතිරේක – 10

නුවන් ප්‍රදීප් 2/53 (9.2) ෂෙහාන් ජයසූරිය 1/39(7)  වනිඳු හසරංග 1/54(10) ළහිරු කුමාර 1/55(7)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here