ශ්‍රී ලංකා – පාකිස්ථාන අවසන් එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් 3.30ට කරච්චි හිදී පැවැත්වීමට නියමිතව පවතිනවා.  

මෙහි පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර දෙවන තරගය ලකුණු 67කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම මේ වනවිට තරගය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

එසේම දෙරට අතර පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය මෙම මස 5 වනදා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here