ශ්‍රී ලංකා පළමු ඉනිම ස්ථාවරයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (30) නිමාවන විට පළමු ඉනිම ක(ීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් බිඳවැටී ලකුණු 469ක් ලබා සිටියේය.
ඒ වනවිට පිටියේ නොදැවී රැදී සිටින නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 64ක් සහ රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 22ක් ලබා සිටියහ.
පළමු දිනය නිමාවන විට නොදැවී ලකුණු 131ක් ලබාසිටි ලහිරු තිරිමාන්නට ඊයේ ලබාගතහැකි වූයේ තවත් ලකුණු 9ක් පමණි. ඊට අමතරව පළමි දිනයේදී නායක දිමුත් කරුණාරත්නද ලකුණු 118ක් ලබාගනිමින් ශතකයක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් ලකුණූ 119ට කඩුලු 3ක් බිඳ දැමීය. අද (01) තරගයේ තෙවැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here