ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ආසියානු කුසලාන සිහිනය මූලික වටයෙන්ම බොඳ වෙයි

බංග්ලාදේශයේදී මේ දිනවල පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහභාගී වූ මූලික වටයේ තරග තුනම පරාජය වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

“A” කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඕමානය අතර මූලික වටයේ තරග සියල්ලම කොක්ස් බසාර්හි ෂෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර නොවැම්බර් 14 වැනිදා පැවති තරගය ඕමානය විසින් කඩුලු 4කින් ජයගනු ලැබුවා. නොවැම්බර් 16 වැනිදා පාකිස්ථානය සමගින් පැවති තරගය ලකුණු 90කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර, නොවැම්බර් 18 වැනිදා පැවති තෙවන තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණි.

ඊයේ (18) ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තෙවන තරගයේදී කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 238ක් රැස්කරගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු වාර 44.5කදී තිදෙනෙක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

ශ්‍රී ලංකා ඉණිම
චරිත් අසලංක 100, කමිඳු මැන්ඩිස් 63, මිනෝද් භානුක 42, කලණ පෙරේරා 9, හසිත බෝයගොඩ 8, චාමික කරුණාරත්න 5, අශේන් බණ්ඩාර 1, ශම්මු අශේන් 1, අසිත ෆර්නැන්ඩෝ 1(නොදැවී)
අස්මතුල්ලා ඔමර්සායි 36/3, අබ්දුල් වාසි 50/3, යූසුෆ් සසායි 26/2, තරීක් ස්ටනික්සායි 30/1, ශාහිදුල්ලා 38/1

ඇෆ්ගනිස්ථාන ඉණිම
ශහිදුල්ලා 102 (නොදැවී), ඩර්විෂ් රසූලි 6, අබ්දුල් මලික් 47, බහීර් ශා 10, සමිඋල්ලා ශින්වාරි 7 (නොදැවී)
කලණ පෙරේරා 30/1, චරිත අසලංක 34/1

මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 20 වැනිදා පාකිස්ථානය හා ඉන්දියාව අතරත්, දෙවන අවසන් පූර්ව තරගය නොවැම්බර් 21 වනදා ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතරත් පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් මස 23 වනදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here