ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්වෙනවා.
කෙසේ වෙතත්, මෙවර නිලවරණයට ඉදිරිපත්ව පසුව ඉන් ඉවත්වූ හිටපු ලේකම්වරියක වන සංජිවනි වනසිංහ පවසන්නේ දැල් පන්දු ව්‍යවස්ථාවට සහ ක්‍රීඩා පනතට පටහැනිව අදාළ නිලවරණය පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ නිලවරණයට හිටපු ලේකම්වරියක වන සංජිවනි වනසිංහ සහ හිටපු සභාපතිනයක වන ලක්ෂ්මි වික්ටෝරියා නාමයෝජනා භාරදී තිබුණා.
සංජිවනි වනසිංහ සිය නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමත් සමග ලක්ෂ්මි වික්ටෝරියා නිතරගයෙන් දැල් පන්දු සම්මේලනයේ සභාපති ලෙස පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.