ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙක් සතුවිය යුතු වාර්තාවක් මුරලිගෙන්

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ආරම්භවූ දින පටන් මේ දක්වා පිතිකරුවෙක් පන්දුවට පහරදීමේ දල ලකුණු වේගය ඉහළම අගයක රඳවා තබාගැනීමට සමත්ව ඇත්තේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් වූ මුත්තයියා මුරලිදරන් විසිනි. එහි සුවිශේෂීත්වය වනුයේ මුත්තයියා මුරලිදරන් යනු ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභීයා ද වන බැවිනි.

බොහෝදෙනෙකු මුරලිව හඳුනන්නේ විශිෂ්ට ගණයේ දඟ පන්දු යවන්නෙකු වශයෙනි. ඒ නිසාවෙන්ම පිතිකරුවෙක් සතු වාර්තාවක් මුරලි සතු යැයි පැවසීම ඇතුම්විට එය කෙනෙකුගේ සිනාහවටද හේතුවක් විය හැකිය. නැතහොත් එය එක්වරම පිළිගැනීමට මැලිවීමට ද පුළුවනි. සාමාන්‍යයෙන් මෙවන් වාර්තාවක හිමිකරුවෙකු වන්නේ ප්‍රවේගකාරි පිතිකරුවෙකි. ටෙස්ට් ක්‍රිකට් යනු විස්සයි විස්ස හෝ එක්දින තරග මෙන් වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩා රටාවක් හිමි ක්‍රීඩාවක්ද නොවේ.

මුත්තයියා මුරලිදරන්ගේ පහරදීමේ වේගය සටහන්ව ඇත්තේ 70.28ක් වශයෙනි. ඒ ටෙස්ට් තරග 133ක ඉනිම් 164කට සහභාගී වීමෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here