ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ජය ධර්මදාස පැරදවූ තිලංග පාර්ශවයට

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නව නිළධාරි මණ්ඩලයක් තෝරාගැනීම සඳහා අද (21) පැවති නිලවරණයේදී සභාපති ධූරයට තේරී පත්වීමට ශම්මි සිල්වා සමත්විය. ඒ තිලංග සුමතිපාල පාර්ශවයෙන් තරග කරමිනි.

සභාපති ධුරයට විරුද්ධ පාර්ශවයෙන් තරග කළ ජයන්ත ධර්මදාස මහතාට හිමිවූ ජන්ද සංඛ්‍යාව 56ක් වන අතර ශම්මි සිල්වා මහතාට හිමිවූ ජන්ද සංඛ්‍යාව 83කි.

ඒ අනුව ජයන්ත ධර්මදාස පාර්ශවය පරසා තිලංග සමතපාල පාර්ශවය විසින් මෙම නිලවරණය ජයග්‍රහණය කර ඇත.

නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කට් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here