ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ
අදාළ ආසදිතයා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අනුයුක්ත ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ නගර සභා සීමාවේ
පදිංචිකරුවෙකි.
එළැඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේද එම පුද්ගලයා සේවය කිරීමට නියමිතව සිටි බවට වාර්තා වේ.
මෙම ආසාදිතයා හඳුනාගැනීමෙන් අනතුරුව පල්ලෙකැලේ පුහුණුවට සහභාගි වී සිටින ශ්‍රී ලංකා
ටෙස්ට් සංචිතයේ නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු හෝටල් කාමරයක නිරෝධායනය කර ඇති බවටද විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.