ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන්

වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් මිකී ආතර් පත්වීමත් සමගම පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ග්‍රාන්ට් ෆ්ලවර් ද, පන්දු යවන්නන්ගේ පුහුණුකරු වශයෙන් ඩේවිඩ් සේකර් සහ පන්දු රකින්නන්ගේ පුහුණුකරු වශයෙන් ෂේන් මැක්ඩර්මොට් පත්කර තිබෙන අතර ඔවුන් ලබන මාසයේ පත්වීම් භාරගැනීමට නියමිතව පවතිනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ග්‍රාන්ට් ෆ්ලවර් 1992 වසරේ සිට 2010 දක්වා එක්දින තරග 221 කට සහ ටෙස්ට් තරග 67කට සහභාගී වී තිබෙන අතර පසුගිය වසර දෙකක කාලයක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ද වශයෙන් කටයුතු කර තිබේ.

ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සේකර් එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම්වල පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කර තිබේ.

ෂේන් ​​මැක්ඩර්මොට් ටස්මේනියා ක්‍රිකට් ඇකඩමියේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කර ඇති අතර ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ අතිරේක පුහුණුකරුවෙකු ලෙස ද කෙටි කාලයක් සේවය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here