ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවෙන් ආරාධනාවක්

ලබන වසරේ ජනවාරි මාසයේදී 20-20 තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලයෙන් ආරාධනාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය සිම්බාබ්වේට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනමක් දැමීම නිසාවෙන් අවලංගු වී තිබෙන අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී  ලංකා කණ්ඩායම 2020 මුලදී ඉන්දියානු සංචාරය සඳහා සහභාගී වීමට නියමිතව පවතිනවා.

තරග කාලසටහන

පළමු 20-20 තරගය : ජනවාරි 5 – ගුවාතිදී  
දෙවන 20-20 තරගය : ජනවාරි 7 – ඉන්දෝරේදී
තෙවන සහ අවසන් 20-20 තරගය : ජනවාරි 10 – පූනේදී   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here