ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාකිස්ථානයට

වසර දහයකට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පාකිස්ථානය තුළ ජාත්‍යන්තර තරග පැවැත්වීම අතහැර දමා තිබුණු අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වූ එක්දින තරගාවලියත් සමගින් පාකිස්ථානය තුළ නැවතත් ක්‍රිකට් තරගාවලි පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා. එසේම වසර දහයකට පසුව පවත්වන පළමු ටෙස්ට් තරගාවලිය සඳහාත් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබීම විශේෂත්වයක් වනවා.

දෙරට අතර පාකිස්ථානයේදී පැවැත්වුණු එක්දින තරගාවලියට සහ T20 තරගාවලියට ආරක්‍ෂිත තත්ත්වය හේතුකොටගෙන සහභාගී නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ද මෙම ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට කැමැත්තෙන් පසුවෙන බව සඳහන් වෙනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 11 සිට 15 දක්වා රාවල්පින්ඩිහිදීත්, දෙවන තරගය දසම්බර් මස 19 සිට 23 දක්වා කරච්චිහිදීත් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here