ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් අද තරගයට

ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය වෙනස් කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් කණ්ඩායම සඳහා පළමු වතාවට ක්‍රීඩකයින්ගේ ජර්සියේ පිටුපස කළු වර්ණයෙන් නම සහ අංකය ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

  ඒ අනුව සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් අද (14) පිටියට පිවිසෙනු ඇත.

මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here