ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨන් පාකිස්ථානයට නොයන ඇත්තම හේතුව

මෙම මස අගදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පාකිස්තානු සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨන් ක්‍රීඩකයින් 10 දෙනෙකු සහභාගී නොවන බව පසුගියදා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශ කර සිටියා.

එයට විවිධ හේතුන් දැක්වූවත් පාකිස්ථාන අමාත්‍යවරයෙක් වන ෆාවාඩ් හුසේන් ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කර තිබු පණිවිඩයක් ලොව පුරා කතාබහට ලක්වුණා.

ඒ පණිවිඩයේ ඔහු සඳහන් කර තිබුණේ ශ්‍රි ලංකා ක්‍රීඩකයින් පාකිස්තානයේ සංචාරයට සහභාගී වුවහොත් ඔවුන්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් කිරීමට පියවරගන්නා බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් තර්ජනය කර ඇති බවට ඔහු වෙත තොරතුරු ලැබී ඇති බවයි.

නමුත් මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් එම ක්‍රීඩකයින් පාකිස්ථානු සංචාරය සඳහා සහභාගී නොවන්නේ 2009 වසරේදී සිදුවූ සිදුවීම නිසා බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඒ ක්‍රීඩකයින්ගේ තීරණයට ගරු කර ඒ සඳහා කැමැත්තෙන් පසුවන ක්‍රීඩකයින්ව සහභාගී කරගන්නා බවත් ශක්තිමත් කණ්ඩායමක් සිටින නිසා පාකිස්ථානයේදීම ඔවුන්ගේ කණ්ඩායම පරාජය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

පකිස්ථාන තරග සංචාරය සඳහා සහභාගී නොවන ක්‍රීඩකයන් දස දෙනා වන්නේ දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here