ශ්‍රී ලංකා කණ්ඩායමට 40%ක දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ තරග තීරක වශයෙන් කටයුතු කළ රිචී රිචඩ්සන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග මුදලින් 40%ක මුදලක් දඩ වශයෙන් අය කිරීමට නියම කර ඇත.

ඒ මාර්තු 14 වැනිදා පැවැති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු යැවීමේ වේගය පවත්වා නොගැනීම හේතුවෙනි. අදාළ වරද සම්බන්ධයෙන් නායක දිමුත් කරුණාරත්න නැවත විමසීමකින් තොරව වරද පිළිගැනීම නිසා අදාළ දඩ මුදල නියම කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here