ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්වුණු එක්දින තරග 3කින් සහ T20 තරග තුනකින් සමන්විත කාන්තා ක්‍රිකට් තරගාවලිය ඊයේ (9) අවසන් වුණා. ඒ සමස්ත තරගාවලියේම ජය ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමිකර දෙමින්.

ඊයේ පැවති තෙවන සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් බිඳවැටී ලකුණු 195ක් රැස්කරගත්තා. එහිදී අගනා පිති හරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 124කදී ලකුණු 103ක් රැස්කරගනිමින් සිය 6 වැනි එක්දින ශතකය වාර්තා කරනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 26.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.
එහිදී ඇලීසා හීලි පන්දු 45කදී ලකුණු 112ක් රැස් කළ අතර එයට එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.

සමස්ත තරගාවලියේ සාරාංශය පහතින්.

T20 තරගාවලිය
තරග තුනම පැවැත්වුණේ සිඩ්නිහි ඕවල් ක්‍රීඩාංගනයේදීයි.  

සැප්තැම්බර් 29 පැවැත්වුණු පළමු තරගය ලකුණු 41කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනාගනු ලැබුවා.
ඕස්ට්‍රේලියාව 217/4(20)
ශ්‍රී ලංකාව 176/7 (20)

සැප්තැම්බර් 30 පැවැත්වුණු දෙවන තරගය ලකුණු කඩුලු 9කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනාගනු ලැබුවා.
ශ්‍රී ලංකාව 84/8(20)
ඕස්ට්‍රේලියාව 87/1(9.4)

ඔක්තෝබර් 02 පැවැත්වුණු තෙවන තරගය ලකුණු 132කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනාගනු ලැබුවා.
ඕස්ට්‍රේලියාව 226/2 (20)
ශ්‍රී ලංකාව 94/7 (20)

එක්දින තරගාවලිය
තරග තුනම පැවැත්වුණේ බ්‍රිස්බේන්හි ඇලන් බොර්ඩර් ෆීල්ඩ් ක්‍රීඩාංගනයේදීයි.  

ඔක්තෝබර් 05 පැවැත්වුණු පළමු තරගය ලකුණු 157කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනාගනු ලැබුවා.
ඕස්ට්‍රේලියාව  281/8 (50)
ශ්‍රී ලංකාව  124 (41.3)

ඔක්තෝබර් 07 පැවැත්වුණු දෙවන තරගය ලකුණු 110කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනාගනු ලැබුවා.
ඕස්ට්‍රේලියාව 282/8 (50)
ශ්‍රී ලංකාව 172/9 (50)

ඔක්තෝබර් 09 පැවැත්වුණු තෙවන තරගය කඩුලු  9කින් ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනාගනු ලැබුවා.
ශ්‍රී ලංකාව 195/8 (50)
ඕස්ට්‍රේලියාව 196/1 (26.5)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here