ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලානයේ ‘ඒ’ කාණ්ඩයට

ලබන වසරේ (2020දී) පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වී තිබේ.

මෙම තරගාවලිය ජනවාරි 17 වැනිදා සිට පෙබරවාරි 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී නගර 4 ක ක්‍රීඩාංගණ 8 කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ  සඳහා රටවල් 16 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාවද සමගින් ‘ඒ’ කාණ්ඩයට අයත් අනෙක් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, නවසීලන්තය සහ ජපානයයි.

මෙම තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්තානය අතර ජනවාරි 17 වනදා කිම්බර්ලිහී ඩයමන්ඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි 19 වැනිදා ඉන්දියාව සමගින්ද, ජනවාරි 22 වැනිදා නවසීලන්තය සමගින්ද, ජනවාරි 25 වැනිදා ජපානය සමගින්ද තරග වැදීමට නියමිතයි.

‘ඒ’ කාණ්ඩය – ඉන්දියාව, ජපානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව
‘බී කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නයිජිරීයාව, බටහිර ඉන්දීය කොදෙව්
‘සී’ කාණ්ඩය – බංග්ලාදේශය, පාකිස්තානය, ස්කොට්ලන්තය සිම්බාබ්වේ,
‘ඩී’ කාණ්ඩය – ඇෆ්ඝනිස්තානය, කැනඩාව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here