ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අද

ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ  ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අද ආරම්භ වේ. මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරා ක‍්‍රීඩාංගණයේදීයි.

දෙපිල අතර පැවති පළමු තරගය කඩුලූ 06කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වු අතර ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේද ශ‍්‍රී ලංකාවයි. 

නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේ දී මේ දක්වා ටෙස්ට් තරග 2ක් පවත්වා තිබෙනවා. ඒවායින් එක් තරගයක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. 

කෙසේ වෙතත් 2015 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු කොළඹ පී සරා ඕවල් කි‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙතෙක් සමත්කම් දක්වා නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here