ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමට ජය

සංචාරක 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම හා 19න් පහළ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කුල්නාහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වූ බැවින් පන්දු වාර 31කට සීමා කෙරුණු මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 31 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 209ක් රැස්කළා. නවෝද් පරණවිතාන ලකුණු 78ක්ද, සොනල් දිනූෂ ලකුණු 41ක්ද, රවිඳු රසාන්ත ලකුණු 33ක්ද සහ චමිඳු පියුමාල් නොදැවී ලකුණු 30 ක්ද රැස්කළා. අන් ක්‍රීඩකයින් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වුයේ නැහැ.

රකිබුල් හසන් සහ ශමීම් හුසේන් කඩුලු 2 බැගින් ද, ශෝරිෆුල් ඉස්ලාම්, අවිශේක් දාස් සහ තන්ශිම් හසන් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 25.4ක් අවසානයේ ජයග්‍රාහී සිමාව පසු කළා. ශමීම් හුසේන් ලකුණු 95ක්ද, තව්හිඩ් රිදෝයි නොදැවී ලකුණු 82ක්ද, මහ්මුදුල් හසන් ජෝයි ලකුණු 11ක්ද රැස්කළ අතර අන් ක්‍රීඩකයින් ලකුණු 8 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
අම්ෂී ද සිල්වා කඩුලු 3ක්ද, ඩිල්ෂාන් මදුශංක සහ සඳුන් මැන්ඩිස් එක් කඩුල්ල බැගින් ද දවාගත්තා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසු වෙනවා.

තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ තෙවන තරගය නොවැම්බර් 14 වැනිදා කුල්නාහිදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here