ශ්‍රී ලංකාව තුට්ටු ‌දෙකට දැමූ ඇෆ්ගනිස්තානයට අයර්ලන්තයෙන් මතක හිටින පාඩමක්

මෙවර ‌‌ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට පහහසුවෙන්ම පරාජය කළහැකි කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම බව පවසමින් උදම් ඇනූ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් ඇතුලු පිරිසට මතක හිටින පාඩමක් ඉගැනවීමට ඊ‌‌යේ (19) අයර්ලන්තයට හැකිවිය. ඒ් ඊ‌යේ අයර්ලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර පැවති ඒකදින තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කරමින් විශිෂ්ඨ ජයක් ලැබීමට අයර්ලන්තය සමත්වීමෙනි. තරග ‌දෙකකින් සමන්විත ‌මෙම තරගාවලියේ පළමු තරගය ජයගත් අයර්ලන්තය ‌මේ වනවිට 1-0ක් ‌ලෙස ‌පෙරමුණේ පසුවෙයි.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක ගුල්බදීන් නයිබ් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නේය. ඒ් අනුව පන්දුවාර 48.5කදී සියලුදෙනා දැවී අයර්ලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 210ක් පමණි.
පෝල් ස්ටර්ලින් ලකුණු 71ක් සහ විලියම් පොටර්ෆීල්ඩ් ලකුණු 53කින් ඒම ඉනිමට සිය දායකත්වය ලබාදුන්හ. පන්දු යැවිමේදී අෆ්තාබ් අලාම් හා දව්ලත් සද්රාන් කඩුලු 3 බැගින් බිඳ හෙලීය. 

ලකුණු 210ක් වැනි අඩු ලකුණු සංඛාවක් ආරක්ෂා කරගැනීමට පිටියට පිවිසි අයර්ලන්තය ඇෆ්ගනිස්ථානය හමුවේ ඒම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කරගනු ලැබුවේ ආසියානු තණතීරූ තුළ කෙතරම් වැඩ පෙන්නුවද අයර්ලන්තය, ඒංගන්තය වැනි තණතීරු තුළ ඔවුන් තාමත් ළදරුවන් බව පසක් කරමිනි.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ලකුණු 29ක් ලබාගත් අස්ගාර් ඇෆ්ගන්ය. පන්දු යැවීමේදී මාර්ක් අඩේර් කඩුලු 4ක් සහ බෝයිඩ් රෑන්කින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූහ. මෙහි දෙවැනි තරගය අද (21) ඒම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here