ශ්‍රී ලංකාව ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

    මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහල ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10දා) පැවති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 42ක ජයක් ලබාගැනීමට සමත් වුණා.  

    ඒ අනුව B කාණ්ඩයෙන් තරග වැදුණු බංග්ලාදේශ පිල අපරාජිතව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. එම කාණ්ඩයෙන්ම තරග කළ ශ්‍රී ලංකා පිළ මූලික වටයේ තරග 3කට සහභාගි වී තරග 2ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානයේ පසුවීම හේතුවෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

    එසේම A කාණ්ඩයෙන් තරග වැදුනු ඉන්දීය පිල අපරාජිතව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගෙන ඇති අතර එම කාණ්ඩයෙන් තරග කළ ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන ඇත්තේ සහභාගී වූ තරග 3න් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානය ලබාගැනීම හේතුවෙන්.

    අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේත්,  බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානය හමුවේත් තරග වැදීමට නියමිතව පවතිනවා.  

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here