ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනයට බංගලාදේශයෙන් තර්ජනයක්

බංගලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (24) පැවති තරගය ලකුණු 62කින් පහසුවෙන් ජයගැනීමට බංගලාදේශය සමත්වීමත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අභිබවා යමින් ඉහළට පැමිණීමට ඔවුන් සමත්විය. මේ වනවිට ඔවුන් එහි පස්වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව එහි හයවැනි ස්ථානයේත් රැදී සිටියි.

තරග 7කට සහභාගී වී ජයග්‍රහණයන් 3ක්, පරාජයන් 3ක් සහ වර්ෂාවහේතුවෙන් නොපැවැත්වූ එක් තරගයක් සමගින් ප්‍රසාද ලකුණු 7ක් හිමිකරගෙන සිටින බංගලාදේශයේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය -0.133ක් ලෙස දැක්වේ.

ශ්‍රී ලංකාව තරග 6කට සහභාගී වී ජයග්‍රහණයන් 2ක්, පරාජයන් 2ක් සහ වර්ෂාව නිසා නොපැවැත්වූ තරග 2ක් සමග ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය -1.119ක් ලෙස තබාගෙනඇත. එහෙත් ශ්‍රී ලංකාවට මූලික වටයේ තවත් තරග තුනක් ඉතිරිව ඇති අතර, බංගලාදේශයට ඇත්තේ තවත් තරග 2ක් පමණි.

ශ්‍රී ලංකාව ඉදිරියේදී දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දේශය හා ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතය. මේ අතර බංගලාදේශයට ඉන්දියාව සහ පාකිස්තානය සමග තරග දෙකක් ඉතිරිව ඇත. කණ්ඩායම් දෙකටම ලෝක කුසලානයේ ඉතිරි තරග සියල්ලම ජයගත යුතු අතර, ලකුණු සටහනේ මුල් ස්ථාන හතරේ සිටින කණ්ඩායම් ඔවුන්ගේ තරග පරාජය වීමද සිදුවිය යුතුය. එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවට බංගලාදේශයෙන් එල්ලවන්නේ සුලුපටු අභියෝගයක් නම් නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here