ශ්‍රී ලංකාවේ මාලිංග ඕස්ට්‍රේලියානුවාට පාඩමක් කියා දෙයි – සුපිරි මාලිට ලොව පුරා දසතින් පැසසුම්.! Video

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් පසුව සිදුවූ සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍යයේ ඉතාමත් කතාබහට ලක්ව තිබේ.

පෙර පුහුණු තරගය නිමාවීමෙන් පසු කණ්ඩායම් දෙකම නැවතත් සිය හෝටල් කරා යද්දී සුපිරි ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් දෙදෙනා පමණක් ක්‍රීඩා පිටියේ නතර විය. ඒ තවත් පන්දු කිහිපයක් යවමින් පුහුණුවීමේ නිරත වීමටය.

ලසිත් මාලිංග ප්‍රගුණ කර තිබෙනා යොදාගන්නා, ඔහුගේ මඳ වේගී පන්දුව යවන ආකාරය ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නාට කියා දී තිබේ.

මෙම සිදුවීමේ වීඩියෝව මාධ්‍යය මගින් ප්‍රසිද්ධ වීමත් සමග මාධ්‍ය ඒ පිළිබඳව ලසිත් මාලිංගගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී මාලිංග පැවසූවේ

“සීමිත ඕවර තරග වලදී පන්දු යැවීමේ විවිධාංගීකරණය හරිම වැදගත්. අයි.පී.එල්. තරගාවලියේදී පවා එයාට ඕනෑ කළා මම මේ මඳවේගී පන්දුව යොදාගන්නා ආකාරය ගැන දැනගන්න,

“මට ඕනෑ කළේ එයාට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ඒ ආකාරයෙන් තමා. කාටහරි මොනවාහරි දෙයක් ගැන දැගනන්න ඕන නම්, මම එයාට උදව් කරනවා. මඳ වේගී පන්දුව යවන්නේ කොහොමද, ඒක යොදාගන්නනේ කොයි වගේ වෙලාවලදීද, මඳ වේගී පන්දුව යොදාගන්නේ ඇයි.? වගේ මේ කොයි දේත් කියා දෙන්න මා සූදානම්” යනුවෙන් පැවසුවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

Malinga teaches Stoinis his slower ball tricks

Even after a heavy defeat, Lasith Malinga stuck around to teach Marcus Stoinis the secrets of his slower ball 👏 #SpiritOfCricket #CWC19

Gepostet von ICC Cricket World Cup am Montag, 27. Mai 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here