ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු පාපන්දු තරගාවලිය නේපාලයට ලබාදෙයි

මෙම වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබු දකුණු ආසියානු කාන්තා පාපන්දු ශුරතාව මාර්තු මාසයේදී නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව මෙම තරගාවලිය නේපාලයේ පැවැත්වෙන පළමු අවස්ථාව එය වන අතර, තරගාවලිය මාර්තු 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර 7 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය වසර 2කට වරක් පැවැත්වෙන්නකි.

නේපාල පාපන්දු සම්මේලනය සිදුකළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙම තරගාවලිය නේපාලයට ලබාදීමට කැමැත්ත පළකර අතර, ඒ වෙනුවට වෙනත් පාපන්දු ශුරතාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සහ බී කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන තරගාවලියට ඒ කාණ්ඩයට බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය හා භූතානය ඇතුළත්ය. බී කාණ්ඩයට ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here