ශ්‍රී ලංකාවේ ගෞරවය බේරාගත් ඉසුරු උදානගෙන් ගිනිකෙළි සංදර්ශනයක්

දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39.2කදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 189ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට එක්වූ ඉසුරු උදානය. ඔහු ලකුණු 79ක් ලබාගත්තේ දැවැන්ත 6 පහර 4ක් සහ 4 පහර 7ක් ද සමගිනි. ගිනිකෙළි සංදර්ශනයක් බඳු මෙම ඉනිම දෙස සියලුදෙනා බලාසිටියේ විස්මිත දෑසිනි.

ලකුණු 139දී 9 වැනි කඩුල්ල බිඳවැටුණු පසුත් ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සිය සටන අත්නොහළ මෙම ⁣ධෛර්යවන්ත ක්‍රීඩකයා නෝට්ජේගේ පන්දුවාරයකට පිට පිට 6 පහර 3ක් එල්ල කරමින් නිදාසිටි ප්‍රේක්ෂකයන් අවදි කිරිමට සමත් විය.

කසුන් රාජිත හා උදාන අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක වාර්තාගත සබඳතාවයක් ඇතිවූ අකර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම අවසන් කඩුල්ලේ සබඳතාවය බවටද පත්විය. මෙහි වැදගත්ම කරුන වනුනේ මෙම සබඳතාවයට සායක වූ කසුන් රාජිතගේ පිත්තෙන් කිසිදු ලකුණක් වාර්ති නොවුනද ඔහු තමාගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉසුරු උදානට අවශ්‍ය සහයෝගය ලබාදීමට සමත් විය.

මේ වනවිට දකුණු අප්‍රිකාව පිළිතුරු ඉනිම අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here