ශ්‍රී ලංකාවට සෙමි යන්න පුලුවන් එකම ක්‍රමය මෙන්න

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව බොහෝදෙනෙකු විශ්වාස කරයි. ඒ ඊයේ (30) පැවති තරගයෙන් එංගලන්තය හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීමත් සමගය. එනමුත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ තවත් එක් අවස්තාවක් පමණක් ඉතිරිව පවතී.

අද (01) පැවැත්වෙන ශ්‍රී ලංකාවහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම එහි පළමු පියවර වේ. එවිට ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට ලකුණු 8ක් හිමිවේ.

ජූලි 2වැනිදා පැවැත්වෙන බංගලාදේශයපහා ඉන්දියාව අතර තරගයෙන් ඉන්දියාව ජයගැනීමේ ප්‍රතිශතය ඉතා ඉහළය. එසේ වුවහොත් ඉන්දියාවේ ලකුණු ප්‍රමාණය 13 දක්වා ඉහළ යන අතර, බංගලාදේශය ලකුණු 7 තවදුරටත් පවතී.

එංගලන්තය හා නවසීලන්තය අතර ජූලි 3 වැනිදා පැවැත්වීමට නියමිත තරගයෙන් එංගලන්තයපරාජයට පතවුවහොත් තවදුරටත් ඔවුන්ගේ ලකුණු ප්‍රමාණය 10ම පවතී. මේ අතර එලෙස පරාජයට පත්වුවහොත් ඔවුන්ගේ දල ලකුණු වේගය අඩුවීමේ ප්‍රවණතාවයක් ද පවතී. එසේ වුවහොත් එය අමතර වාසියකි.

ඉන් අනතුරුව බංගලාදේශය හා පාකිස්තානයඅතර තීරණාත්මක තරගයක් ජූලි 5 වැනිදා පැවැත්වේ. එයින් බංගලාදේශය ජයගතහොත් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 9 දක්වා ඉහළ යනු ඇත.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට තීරණාත්මක අවසන් තරගය ජූලි 6 වැනිදා ඉන්දියාව සමගින් පැවැත්වේ. එම තරගය කෙසේ හෝ ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන්නේ නම් ශ්‍රී ලංකාවේ ලකණු සංඛ්‍යාව 10ක් බවට පත්වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට හා එංගලන්තයට ලකුණු 10 බැගින් හිමිවේ. එවිට දල ලකුණු වේගය වැඩි කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවසීමේ අවස්ථාව හිමිවේ.

එම අවස්ථාව උපරිමයෙන් ලබාගැනීමට නම් අද තරගයේදී ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සහිතව තරගය ජයගත යුතුය. එමෙන්ම නවසීලන්තය සමග තරගයේදී එංගලන්තයේ දල ලකුණු වේගය අවම විය යුතුය.

එලෙස සියල්ල සිදුවන්නේ නම් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම සිහිනයක් නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here