ශ්‍රී ලංකාවට සාග් තෙවෙනි ස්ථානය හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට පැමිණේ

දෙසැම්බර් මස 1-10 දක්වා නේපාලයේ පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40ක් ඇතුළුව සමස්ත පදක්කම් 251ක් සමගින් තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් ඔවුන් මව්බිම වෙනුවෙන් දිනා දුන්නා.

තරගාවලියේ ප්‍රථම ස්ථානය රන් පදක්කම් 174ක් ලබාගත් ඉදිය කණ්ඩායමත්, දෙවනි ස්ථානය රන් පදක්කම් 51ක් ලබාගත් සත්කාරක නේපාල කණ්ඩායමත් විසින් හිමිකරගත්තා.

මෙවර තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වලින් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව වන 15ක් ලබා ගනිමින් වසර 28කට පසුව ඉන්දියාව අභිබවා යමින් දකුණු ආසියාවේ ආධිපත්‍ය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම විශේෂයක්.
මෙහිදී මීටර් 4 x 100 පිරිමි ඉසව්වේ වසර 15ක් පැරණි සාග් වාර්තාව බිඳ දමන්නට හිමාෂ එෂාන්, චානුක සංදීප, විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන විසින් සමත් වුණා. ඒ තත්පර 39.14කින් තරගය අවසන් කරමින්.
එසේම ශ්‍රී ලංකා සාග් ඉතිහාසයේ පළමු වරට කාන්තා මැරතන් ඉසව්වෙන් රන් පදක්කමක් ලබාගැනීමට හිරුනි විජේරත්න සමත් වුණා.
මලල ක්‍රීඩා ඉසව්වලින් රිදී පදක්කම් 12ක්ද, ලෝකඩ පදක්කම් 8ක්ද දිනාගැනීමට මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වුණා.

එසේම පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් 7ක් ද, රිදී පදක්කම් 11ක්ද, ලෝකඩ පදක්කම් 18ක්ද ලබා ගැනීමට පිහිනුම් කණ්ඩායම සමත් වුණු අතර රන් පදක්කම් 7ම ලබාගත්තේ මැතිව් අබේසිංහ විසින්. ඒ ඔහු විසින් 2016 ශ්‍රී ලංකා සාග් කණ්ඩායමේ වැඩිම රන් පදක්කම් ලාභියා ලෙසින් ඔහු තැබූ වාර්තාව සම කරමින්.

ටයිකොන්ඩෝ ඉසව්වෙන් රන් පදක්කම් 4ක්ද, මල්ලවපොර, බර ඉසිලීම, වූෂු, බීච් වොලිබෝල්, ගොල්ෆ් ඉසව්වලින් රන් පදක්කම් 2 බැගින්ද, බැඩ්මින්ටන්, ජූඩෝ, බොක්සිං, තුන්ප්‍රයම ඉසව්වලින් රන් පදක්කම් 1 බැගින් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පදක්කම් සටහන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here