ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (6) පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43ක විශිෂ්ට ජයක් ලැබීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දඅවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6කට ලකුණු 160ක් ලබාගත්තේය.

එහිදී  ධනුෂ්ක ගුණතිලක ලකුණු 56කින් සහ පැතුම් නිශ්ශංක ලකුණු 37කින් ඊට දායක විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් දේශයට පන්දුවාර 18.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණි.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග කඩුලු 3 බැගින් ලබාගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here