ශ්‍රී ලංකාවට ලකුණු 268 ක අභියෝගයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ  සිවුවන දිනය අදයි. 

ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 195ක් රැස්කර ගෙන සිටියා. අද දිනයේ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් ලබාගත්තේය.
පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 249 ක් පමණයි.

ලකුණු 268 ක ඉලක්කයක් හබාගෙන යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමේ 11 වන පන්දුවාරය නිමවන විට කිසිවෙකු නොදැවී ලකුණු 24 ලබාගෙන සිටියි.

නොදැවී ක්‍රීඩා කරන දිමුත් කරුණාරන්න 17, ළහිරු තිරිමාන්න 07 යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here