ශරීර සුවතා පහසුකම් දියුණු කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් සැරසෙයි….

අනුරාධපුර ප‍්‍රදේශයේ ජනතාවට දෛනික ශරීර සුවතා සිදු කිරීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. ඊයේ (27 වැනිදා) උදෑසන අනුරාධපුර ප‍්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ ප‍්‍රකාශකර තිබේ.

අනුරාධපුර ප‍්‍රදේශයේ නුවරවැව ඇවිදින මංතීරුවට දෛනික ශරීරසුවතා සඳහා දිනපතා උ දෑසන ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණෙති. එ් අනුව ඊයේ උදෑසන එම ජනතාව හමු වූ කී‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රදේශයේ ජනතාවගේ දෛනික ශරීරසුවතා සිදු කිරීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට තමන් පියවර ගන්නා බව කියා සිටියේය. එහිදී නුවර වැව අවිදින මං තීරුවේ රථගාල ආශි‍්‍රතව පැසිපන්දු ඇතුළු කී‍්‍රඩා කිහිපයක් සිදුකළ හැකි අයුරින් එම පරිශ‍්‍රය සංවර්ධන කටයුතු කිරීමට පියවර ගන්නා බවත් අවශ්‍ය කටයුතු සැලසුම් සකස් කර කි‍්‍රයාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව ජයගමු ශී‍්‍ර ලංකා එළිමහන් ශක්ති මධ්‍යස්ථානයක් අනුරාධපුර නුවර වැව ඇවිදින මං තීරුව අසළ ඉදිකිරීමට පියවර ගන්නා බවද කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය. මෙම අවස්ථාවට තේනුක විදානගමගේ සහ ශෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here