ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් පවත්වන ලද වොලිබෝල් විනිසුරුවන් ශ්‍රේණිගතකිරීමේ පරීක්ෂණයෙන් සමත්වූ විනිසුරුවන්ට සහතිකපත් ප්රදානය මෙමස 31 වැනිදා ප.ව. 3.00ට ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රධාන ආරාධිතයා ලෙසත්, ආරාධිත විශේෂ අමුත්තා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරියත් සහභාගීවීමට වීමට නියමිතය.