වෛද්‍ය සමිතා සමන්මලීගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ඔක්තෝබර් 23 වනදා සිට 27 වනදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වුනු ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට වෛද්‍ය සමිතා සමන්මලී සමත්වුණා. ඒ ඇය සහභාගී වුණු කාන්තා කේවල ඉසව්වෙන්.

වෛද්‍ය සමිතා සමන්මලී වසර ගණනාවකට ඉහතදී ශ්‍රී ලංකාවේ දැඩි කතාබහකට ලක්වූ අයෙක්.

ඒ ඇය උපතින්ම අබාධිත අයෙක් නොව ඇය මුහුණු දුන් අනතුරක් හේතුවෙන් අබාධිත තත්ත්වයට පත්වූ නිසා. ඒ ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටි 2008 වසරේදී BMICH හි පැවති ප්‍රදර්ශනයකට සහභාගී වීමේදී ඇය එහිදී මුහුණදුන් හදිසි අනතුර නිසාවෙනුයි. ඉන් තුවාල ලැබූ ඇයට ඇවිදීමේ හැකියාව අහිමි වුණා. නමුත් ඉන් නොසැලුණු ඇය ඇයගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරමින් වෛද්‍යවරියක් බවට පත්වුණා. එමෙන්ම මේ වනවිට ඇය ඔරු පැදීම, ස්කයි ඩ්‍රයිවින් වැනි ක්‍රීඩා සඳහා ද යොමු වී තිබෙනවා. එසේ ඇය සහභාගී වූ ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදීයි ඇය මෙසේ ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබුවේ.

එසේම මෙම තරගාවලියට සහභාගී වූ එම්.පී.ජයකොඩි ද පිරිමි ඔරු පැදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට සමත්වුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here