ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසෙන් බෝල්ට් ඊයේ (24) තමාට කොරොනා ආසාදනය වී ඇති බව සිය ට්විටර් ගිණුම මගින් පවසා තිබුණි.
ඔහුගේ 43 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පෙරේදා (23) දිනයේ උත්සවයක් පවත්වා ඇති අතර, ඊට ලොව පුරා සිටින පකට පුද්ගලයන් රැසක් එක්ව සිටියහ. ඒ අතර බටහිර ඉන්දීය කොදෙවි කණ්ඩායමේ සුපිරි කිකට් කීඩක කිස් ගේල් ද ඊට සහභාගී වී ඇති බවද වාර්තා වෙයි. ගේල් මේ වනවිට ඩුබායි වෙත පැමිණ සිටින්නේ අයි.පී.එල්. තරගාවලියට සහභාගීවීම සදහාය.
මේ අතර ජාතික කිඩා සභාවේ වත්මන් සභාපති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පධාන පුහුණුකරු මහේල ජයවර්ධන ද අදාළ තරගාවලියට සහභාගීවීම සදහා මේ වනවිට ඩුබායි වෙත ගොස් ඇත. තරගාවලියේ කටයුතු ආරම්වීභමට පෙර දින 6ක නිරෝධායනයකට යොමු වීය යුතු බැවින් මහේල මේ වනවිට සිටිනුයේ නිරෝධායනයේය.