විස්සයි විස්ස පටන්ගන්න දවසෙම හතුරුසිංහ ලංකාවට එන්නෙ ඇයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හෙට (19) දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිනීමට නියමිත බව වාර්තා වේ. ඒ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද හෙට දිනයේදී ආරම්වීභමට නියමිතව තිබියදීය.

එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට මුහුණදෙන අයුරු සාකච්ඡා කිරීම සඳහා හතුරුසිංහ මහතා මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත අතර ඉන් අනතුරුව පැයි 27 වැනි දින ඔහු සති දෙකක කාලයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ පුද්ගලික නිවාඩුවක් සඳහාය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් අවසන් එක්දින තරග 8ම පරාජයට පත්වීමත් සමඟ හතුරුසිංහ මහතාගේ රාජකාරිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර තිබුණි.

මේ අතර හෙටින් ඇරඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරුධූරය හිමිව ඇත්තේ වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්ටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here