විස්සයි විස්ස ලෝක කුසලානයේදී මාලිංග කරන්න බලාපොරොත්තුවනදේ …(Video)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග,  ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදුන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු එක්දින තරඟයෙන් පසුවයි.

මාලිංග වෙනුවෙන් පැවති සමුදීමේ උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන මාධ්‍ය හමුවට ඔහු එක්වුණා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ ජයග්‍රහණය කිරීම සඳහා සැලැස්මක් තමන් සතුව ඇති බවද සඳහන් කළා.

එමෙන්ම, ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් බිහි කරගන්නා ආකාරය ගැනත්, මාලිංග මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here