විස්සයි විස්ස ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති  විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය 2-0ක් වශයෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (08) සමත් විය. ඒ අවසන් තරගයෙන් කඩුලු 3ක ජයක් ලබාගනිමිනි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4 බිඳවැටී ලකුණු 131ක් ලබාගත්තේය. එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් සහ දිනේෂ් බංඩාර ලකුණු 44ක් ලබාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පන්දුවාර 19කදී ලකුණු 134ක් ලබාගනිමින් තරගය ජයගත්හ.
එහිදී ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බිඳ දැමූ අතර, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ දැමුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here