විලියම්සන් දකුණු අප්‍රිකානු අවසන් බලාපොරොත්තුවත් සිහිනයක් කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්තය අතර 19 (ඊයේ) බ්‍ර්මින්හෑම්හිදි පැවති තරගයෙන්ද අවසන් පන්දුවාරයේදී කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට නවසීලන්තය සමත්වීමත් අවසන් පුර්ව වයයට පිවිසීමේ දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් බලාපොරොත්තුවද තවත් සිහිනයක් බවටම පත්විය.

ඊයේ පැවති තරගය පන්දුවාර 49 බැගින් ක්‍රියාත්මක වූ තරගයක් බවට පත්වූයේ පෙරදින පැවති වර්ෂාව නිසා ක්‍රීඩංගණයේ ජලය නිසිලෙස බැස නොතිබූ බැවින් ප්‍රමාද වී තරගය ආරම්භ වූ නිසාවෙනි.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 49 තුළදී දකුණු අප්‍රිකානුවන්ට කඩුලු 6ක් බිඳවැටී ලබාගත හැකිවූයේ ලකුණු 241ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ වෑන් ඩර් ඩසන් නොදැවී ලකුණු 67ක් ලබාගත් අතර, හෂීම් අම්ලාගේ ඉනිම ලකුණු 55කට සීමාවිය. පන්දුයැවීමේදී ෆර්ගසන් ලකුණු 59කට කඩුලු 3ක් බිඳහෙලීය.

ලකුණු 242ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට, දකුණු අප්‍රිකානුවන් අවසන් පන්දුවාරය දක්වාම තියුණු සටනක් ලබාදුන්නේ කෙසේ හෝ මෙම තරගය ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අපේක්ෂාවෙනි.

එහෙත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ශතකයක් රැස්කළ කේන් විලියම්සන් දකුණු අප්‍රිකානු සිහිනය තරගය නිමවීමට පන්දු 3ක් ඉතිරිව තිබීයදීම බොඳකර දැමීය. ඒ නවසීලන්ත ලකුණු පුවරුව 245 දක්වා ඉහළ දමමිනි.

විලියම්සන් නොදැවී ලකුණු 106ක් ලබාගත් අතර, ග්‍රෑන්ඩ්හෝම් වේගවත් ලකුණු 60ක් ලබගෙත්තේය. පන්දුයැවීමේදී ක්‍රිස් මොරිස් ලකුණු 49කට කඩුලු 3ක් බිඳදැමීය. තරගයේ වීරයා සම්මානය විලියමිසන්ට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here