“විරාට් පහර දී ඇත්තේ අනුෂ්කා ෂර්මාගේ පන්දුවලට පමණි” – ගවස්කාර් කෝලිට කියූ කතාව යළි ඇවිළෙයි

 

අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයකු වශයෙන් කටයුතු කරන සුනිල් ගවස්කාර් විරාට් කෝලිගේ අසාර්ථකත්වය දුටු අවස්ථාවක නිවේදනය කර ඇත්තේ ‘‘රට අඟුළු දමා ඇති කාලයේදී විරාට් පහර දී ඇත්තේ ෂර්මාගේ පන්දුවලට පමණි.’’ යනුවෙනි. අයි.පී.එල්. අවසන් අදියරට පැමිණෙමින් තිබියදී එම කතාව යළිත් කරළියට පැමිණ ඇත්තේ කෝලිගේ බිරිඳ විසින් දමා ඇති ඉන්ස්ටග‍්‍රෑම් පණිවුඩයත් සමගය.

අනුෂ්කා ෂර්මා යනු ඉන්දියානු ජනප‍්‍රිය නිළියකි. කෝවිඞ් 19 වසංගතය හමුවේ අඟුළු දමා තිබියදී අනුෂ්කා ෂර්මා විසින් විරාට් කෝලිට පන්දු යවන වීඩියෝවක් සුනිල් ගවස්කාර් දැක ඇති බැවින් ඔහු පවසා ඇත්තේ ඒ දුටු දේ පමණි. නමුත් සමාජ මාධ්‍ය ජලා ඔස්සේ ගවස්කාර් විසින් පැවසූ කතාව අසභ්‍ය කතාවක් බවට හංවඩු ගැසුණි.

අනුෂ්කා ෂර්මා සිය ඉන්ස්ටග‍්‍රෑම් හී දක්වා ඇත්තේ, ‘‘ඒක විස්සයි විස්ස. මම තවමත් ඒ දේවල් වෙනස් කරන්න යන්නේ නෑ. කවදාද මම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇදගෙන යෑම නවත්වන්නේ.’’ යනුවෙනි.

සුනිල් ගවස්කාර්තේ ප‍්‍රකාශ විකෘති මනසින් දැකපු විකෘතිකයන් වෙනුවෙන් ඔහු මෙසේ සඳහන් කර තිබේ. ‘මම ඇයට දොස් කියන්නේ කොහේද? මම ඒ කතාවේ ලිංගිකව හැසිරෙන කතාවක් සඳහන් කරලා තියෙන්නෙ කොහේද? මම කිව්වේ වීඩියෝවේ දුටු දේ පමණයි. මම කියන්නෙ ඇය විරාත්ට පන්දු යැවූ බව වීඩියෝවෙන් කියවෙනවා පමණයි. ඒ නිසා ක‍්‍රීඩා කර ඇත්තේ අගුලූ දැමු කාලසීමාවේදී ඇයගේ පන්දුවලට පමණයි. විරාත්ගේ

අසාර්ථකත්වයට මම ඇයට දොස් පවරන්නේ කොහොමද?’ යනුවෙන් ගවස්කාර් සඳහන් කරයි.

අදාළ ප‍්‍රශ්නය සම්බන්ධව ඉන්දියානු පුහුණුකරු රවී ශාස්ත‍්‍රි පවසන්නේ, ‘‘අනුෂ්කා ෂර්මාට ගවස්කාර් කියූ දෙයින් දුකක් දැනුනේ නම් ඇයට අදහස් ප‍්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා.’’ යනුවෙනි.

උපුටාගැනීම – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here