විරාට් කෝලි පරදා ස්ටීවන් ස්මිත් පළමු තැනට

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ කැපිපෙනෙන දස්කම් දැක්වූ ස්ටීවන් ස්මිත් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පළමු තැනට පැමිණ තිබෙනවා.

ICC ය විසින් නිකුත් කරන ලද නවතම දර්ශකයට අනුව සිමිත් ප්‍රසාද ලකුණු ලකුණු 937 ක් ලබා පෙරමුණේ සිටින අතර මිට පෙර පෙරමුණේ පසුවූ ඉන්දීය නායක විරාට් කොලිට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 903 ක් පමණි.

අළු බඳුන තරගාවලිය අරබිමට පෙර දර්ශකෙයේ 4 වන ස්ථානයේ පසු වූ ඔහු එම තරගාවලියේ ලබාගත් ද්විත්ව ශතකයත්, ශතක 3 න හා අර්ධ ශතක 3 න සමග රැස්කළ ලකුණු 744 සමගින් දර්ශකයේ පළමු තැනට පැමිණීමට සමත් වුනා.

ICC ටෙස්ට් දර්ශකයේ 9 වන ස්ථානය දිමුත් කරුණාරත්න හිමිකරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here