විනිසුරුට පාට් දැමූ ශකිබ්ට වැඩ වරදියි

ඩකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුරදී මොහාමේදැන් කණ්ඩායමේ නායක සහ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජික ශකබ් අල් හසන් විසින් සිදුකළ විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් එම තරගාවලියේ තරග 4කට සහභාගී වීමේ තහනමක් සහ ඇමරිකානු ඩොලර් 5800 දඩ මුදලක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් පනවා ඇත.

අබාහානි ලිමිටඩ් කණ්ඩායම සමග පසුගියදා පැවැති අදාළ තරගය අතරතුරදී පිටියේ විනිසුරු සමග අවස්ථා දෙකකදී බහින්බස් වීම, විනිසුරර තීරණයට විරෝධය පෑම, කඩුල්ලට පා පහර එල්ල කිරීම සහ කඩුල්ල ගලවා විසිකිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

මෙම සිදුවීම ලොව පුරා ක්‍රිකට් විචාරකයන්ගේ අප්‍රසාදයට පත්වූ අතර, ශකිබ් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබද සමාව ද අයැද සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here