වින්සි T10 ක්‍රිකට් ලීගය හෙට ඇරඹෙයි

වනුආටු ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන ‘වින්සි T20’ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (21) වනුආටුහිදී ආරම්භ වේ. 

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් අනතුරුව ක්‍රීඩා තරගාවලි  පැවැත්වීම තාවකාලිකව නතර කළේය. ඉන් අනතුරුව පවත්වන පළමු ක්‍රිකට් තරගාවලිය මෙයයි.

එරට මුල් පෙ⁣ළේ ක්‍රිකට් කණ්ඩායම් තුනක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ද  ඇතුළුව ක්‍රීඩකයන් 53 දෙනෙකු සහභාගීවීමට නියමිතය.

හෙට (21) මෙහි සමාරම්භක තරගය පැවැත්වුනද, සෙසු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ සෙනසුරාදාා දිනවලදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here