විදෙස් තරු පොකුරක් එල්.පී.එල්. එන්න බෑ කියයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට තෝරාගෙන සිටින අන්තර්ජාතික මට්ටමේ ජනප්‍රිය ක්‍රීඩකයින් කිහිප දෙනකු තරගාවලියෙන් ඉවත් වෙන බව වාර්තා වේ.

එල්.පි.එල්. තරගාවලියෙන් ඉවත්ව යන ක්‍රීඩකයින් අතර ඩේවිඩ් මිලර්, ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මැලන් සහ කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල්, ඔන්ඩ්‍ර රසල් මෙන්ම ඉන්දීය ක්‍රීඩක මන්වින්දර් බිස්ලා ද සිටින බව වාර්තා වේ.

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර නොවැම්බර් මස 27 වෙනිදා ආරම්භවන සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කල සංචිත වලට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ඩේවිඩ් මිලර් හා ඩු ප්ලෙසිස් දෙදෙනාත් එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මැලන් ඇතුලත්ව සිටින බැවින් ඔවුන්ට එල්.පි.එල්. තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ.

මේ අතර කොදෙව් සුපරි තුන් ඉරියව් ක්‍රීඩක රසල් ආබාධයකට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරගාවලියෙන් ඉවත්වූ පස්වන ක්‍රීඩකයා ඉන්දීය ක්‍රීඩක මන්වින්දර් බිස්ලා වේ.
එම ඉවත්වීම සම්බන්ධයෙන් ඔහු තවම නිශ්චිත හේතුවෙක් ඉදිරිපත් කර නොමැත. එල්.පී.එල්
පන්දුවාර 20 ලීග් තරගාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම ක්‍රිස් ගේල් හා මහනුවර ටස්කර්ස් පිලේ අයිතිකරුවන් අතර කොන්ත්‍රාත්තුව පිලිබදව තවමත් සාකච්ඡ පැවැත්වෙමින් ඇතිබවද වාර්තාවේ. එල්.පි.එල්. තරගාවලියට සහබාගි වීම සදහා ගේල් ඩොලර් ලක්ෂයක මුදලක් බලාපොරොත්තු වන බවත් දැනට ඔහු වෙනුවෙන් ලැබී ඇති ලන්සුව ඩොලර් 60000 ක් පමාක් බවත් දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here